අවසානේ ලං උනාawasaanee lan unaa

Awasane Lan Una

Lyrics

අවසානේ ලං උනා
වාගෙයි මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා
දුකමයි ඉතිරී උනේ
මං වාගේ ආයෙ කවුරුත්
හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක්
දෙන්න ඔබ ඇයි ලං උනේ

දවසක ඔයාට මගේ
ආදරේ අඩුව තේරේවී
එදාට නුඹ හට මගේ
මරණෙවත් දකින්න නැති වේවී
දවසක ඔයාට මගේ
ආදරේ අඩුව තේරේවී
එදාට නුඹ හට මගේ
මරණෙවත් දකින්න නැති වේවී

සංසාරේ කෙලවරට
ඔබෙ අත අරන් යන්න
මට හුඟක් පිං මදි උනා
වෙන් වෙලා යන තැනට
ඔබගේ වෙනස් වීම
දරා ගන්නට බැරි උනා

මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගෙ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ

දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී
එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති  වේවී

උඩ ඉන්න දෙවියන්ට
බාරයි මගේ සතුට
මියදෙන්න කලියෙන් මෙමා
යන්නම් ඔබෙන් දුරට
සුභ පතමි මා ඔබට
සතුටින්ම ඉන්නට කියා
මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ

අවසානේ ලං උනා වාගෙයි මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී උනේ
මං වාගේ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.