අවසානයක් නැති වෙලාවේawasaanayak naethi welaawee

Awasanayak Nathi Welawe - Yanna Yanawada

Lyrics

අවසානයක් නැති වෙලාවේ 
අනවසරයෙන් ගත් විරාමේ 
යන්න යනවද මගේ සටහන් 
එකක් වත් ගැන නොවිමසා 

ඇයි මාව ජීවිත කතාවේ 
මට ඔයා බව දන්නවානේ 
ඔබට ආසද රිදෙනකොට මට 
අලුත් පෙම් වාසය නිසා 

යන්න යනවද 
අර කාලෙ මතකද 
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන

පරිච්චේදය ඉවර කෙරුවට 
පොතේ පිටු තව තියෙනවා 
සැබෑ අවසානය කියෙව්වම 
ඔයත් මන්වගෙ අඩනවා 

යන්න යනවද 
අර කාලෙ මතකද 
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන 

වැහි පොදක් වත් නොමැති කතරෙත් 
පතොක් මල් නම් පිපෙනවා 
ඔබට තේරෙයි මං විදපු දුක 
තාම ඔබ ගැන හොයනවා

යන්න යනවද 
අර කාලෙ මතකද 
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.