අවසානයක් නැහැawasaanayak naehae

Awasanayak Naha

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

අවසානයක් නැහැ මාගේ කඳුලට ඔබ නමින් ගිලිහෙන
මට කියලා දෙන්න බැරිද ඔබ මෙන් 
(හිත හදාගන්න...//)
වැඩි කාලයක් නැහැ ආයේ ඔබ හට මගේ අඩුව වැටහෙන
මම මැරුණොත් යම් දිනේක එදිනට 
(ඔබ ඇවිත් යන්න...//)

ළංවෙලා මං ළඟම හිටියත් ඔබ කළේ බොරුවයි
පෙම් කරා ලෙස ඔබ පැවසූවත් පෙම් කළේ මමමයි
රවට්ටන්න මාව පුළුවන් තරම්
(මම තරහ නෑ මගේ රත්තරන්...//)

මේ ලොවේ මට මගේ කියන්නට හිටියේ ඔබ විතරයි
අද ඔබත් වෙනකෙකුගේ වුණ විට ලැබුණේ දුක පමණයි
හොඳින් ඉන්න මාගේ හුස්මත් අරන්
(මම තරහ නෑ මගේ රත්තරන්...//)

අවසානයක් නැහැ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.