අවසාන ප්‍රේමයයි මාගේawasaana preemayayi maagee

Awasana Premayai Mage

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

අවසාන ප්‍රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ 
මේ උනන කඳුලට වඩා..

හීන අතරේ සෙනෙහෙ සොයලා 
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ 
මේ උනන කඳුලට වඩා..

ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ 
මේ උනන කඳුලට වඩා..

අවසාන ප්‍රේමයයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.