අවසන් දවසේ අප හමුවූ දාawasan dhawasee apa hamuwuu dhaa

Awasan Dawase Apa

Lyrics

අවසන් දවසේ අප හමුවූ දා
ඔය තුරුලේ මා හිස හංගා
කඳුලින් රිදුමන් තුරන් කරාදෝ
ඒ අවසන් හමු වීම නිසා
නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා

සුසුමින් සුසුමට රහසින් හඬලා
සමුගමි ගිලන් වී අපි දෙන්නා
හිත පිරි මගෙ දුක නුඹට කිව්වේ නෑ 
ඒ රිදුමන් දුක වැඩි හන්දා
තාමත් අපි ආදරේ හන්දා
 
අවසන් දවසේ......

දෙගුරුන් පෙවී නුඹට තනන ලොව
භාර ගන්න මා ගැන නොසිතා
බිඳුවක් නොසිතා ඉමු අපි දෙන්නා
ඒ ආදරේ දුක වැඩි හන්දා
අදටත් අපි ආදරේ හන්දා 

අවසන් දවසේ අප හමුවූ දා
ඔය තුරුලේ මා හිස හංගා 
කඳුලින් රිදුමන් තුරන් කරාදෝ 
ඒ අවසන් හමු වීම නිසා 
නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.