Lyrics
අවාරේ අවාරේ හමු වී ආදර මාවතේ
අයිති නෑ අයිති නෑ මේ භවයේ කිසි සේ
අහිමි කරගන්නටත් බෑ ළඟට ගන්නට ඉඩක් නෑ
දැනෙනවා ඔබ මගේ කියලා
හුස්ම වැටෙන වාරයක් පාසා.....
සාරා සංකයේ ගමන් කරන අතරේ
මුණ ගැහිලා ඇති ඕන තරම්
මා හා උණුසුමේ පෙරුම් පිරූ අතීතේ
දිව යනවා දැන් ලෝකේ තරම්.....
(සංසාර ජාතක කතාවේ
පෙම් කරලා ඇති ඕනේ තරම්
වෙනත් නම් වලින් ඉපදිලා
ළං වෙලා ඇති ඕනේ තරම්.....//)
පුරා හීනයේ හැඟුම් බිඳින සයනයේ
පින් මදි වුණාදෝ රත්තරන්
භාවා ශෝකයේ කඳුළු පිරුණු යාමයේ
ඉවසාලා හිත හැදෙනවා නම්.....
(පින්සාර ඔබගේ සිනාවේ
නිම් නොවෙන මතකයට හොරෙන්
ගියත් අපි අපෙන් වෙන් වීලා
මතු භවයේ ඉපදෙන්න ළඟින්.....//)
අවාරේ අවාරේ......