අවන්හලේawanhalee

Awanhale

Lyrics

අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා 
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා
පවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලා 
නතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා 

ඔයා මගෙම මම ඔයාගේම නේද කිය කියා 
ඉන්නට මම ආසයි ඔබේ ඇස් දෙකේ ගුලි වෙලා 
සිතැඟි ප්‍රේමයේ අපිට අපි තමයි ගැනම සිත සිතා 
හෝරා දෙකක් තුනක් අපි ඉඳිමු අදට ලං වෙලා     

අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා 
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා

හිනා පිපෙන ඔයාගේ සුදු මූන බල බලා 
ඉන්නට මම ආසයි රත්තරං ඔබට ලං වෙලා 
හතර පෝරුවෙන් අවසර අප හට නොලැබෙනා නිසා 
සඳ මෝදු වෙන්න පෙර අපි සමු ගනිමු ආදරෙයි කියා 

අවන්හලේ ඔයාගේ සුව....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.