අවදි වී සිටියේawadhi wii sitiyee

Awadi Wee Sitiye

Lyrics

අවදි වී සිටියේ සඳු පමණකි
ඒ උමතූසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවි
ස්වාමීනී ස්වාමීනී

සෙනෙහසින් අඳවී මිරිඟුවක යළි උපන්නමෙී
මහද හිරි සඳු සේ නිබඳ ඒ රුව පැතුයෙමි
ඔහුට අවනතවූ හද ගැබ සුපිපි දිවි මල පිදුයෙමි

කැඩපතම ඔහුගේ නොවේමැයි ඔහු කියයි නම්
කුමන පැන විමසුවේ එයින් සිත එළි නොවේ නම්
නීතියේ සහනේ කුමටද බිඳුණු සිත සුව නොවේ නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.