ආවා සොයා ආදරේaawaa soyaa aadharee

Awa Soya Adare

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

M: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 
  
F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ
දිනිදා නැගෙනා සේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ

M: ලස්‌සන මල් දහසක්‌ අතරෙන් 
ඔබගේ දසුන පෙනෙයි
F: කුංකුම චන්දන සුවඳ මැදින් 
ඔබගේ සුවඳ දැනෙයි
M: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ
F: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ

M: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 

F: කල්ප ගනන් එකතුව උන් සේ
නිරතුරු මට වැටහේ
M: අල්පයකුදු ඔබ ළග නැති නම්
කල්පය ලෙස තේරෙයි
F: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා
M: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා

M: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ 
  
F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ - දිනිදා නැගෙනා සේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ

M: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
M & F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.