ආවා ආදරෙන්aawaa aadharen

Awa Adaraen

Lyrics

ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//

සඳ පිරිලා නැගුනා සේ - මාගේ ජීවන අම්බරේ 
තරු වහැලා දිලුණා සේ  - මාගේ ජීවන අම්බරේ 
මා සිතු - පෙර මා පැතු - පැතුමන් ලෙසේ 
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...

මල් පොපියා පිපුණා සේ - පාළු මා හදවිල් තලේ 
රණතෙසරා සරණා සේ - පාළු මා හදවිල් තලේ 
ආ දිනේ - ඔබ ආ දිනේ - මතකයි ලඳේ 
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...

ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.