අත්වැල් බැඳන්athwael baendan

Athwal Badan

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
නලින් නාගොඩවිතානnalin naagodawithaana

Lyrics

අත්වැල් බැඳන් පෙරදා වගේ 
හමුවන්න බෑ පිදුවත් සෙනේ 
සුසුමක වෙලී අපි වෙන්වුනේ 
සසරේ පැතූ පැතුමන් මැකේ 
මගතොට යලිත් හමුවන්න බෑ 
ඇය අත අරන් වසරක් ගෙවී 

(පාසැල් වියේදී මැයි ගස් යටින් 
තෙපලූ රහස් කතා බොඳවී ගියේ...//) 
තනිකම දරා දුක ලං කරන් 
සරදම් කළා දෛවේ ඉතින් 

නොසිතූ ලෙසේ ඔයා යලි නෙතු ගැටී 
මුහුනත් පොතේ මගේ පිටුවට ඇවිත් 
(කඳුලක් නැතත් නෙතු අග රැඳී 
සොඳුරුයි සදා මතකේ අපේ...//) 

අත්වැල් බැඳන් පෙරදා වගේ 
හමුවන්න බෑ පිදුවත් සෙනේ 
සුසුමක වෙලී අපි වෙන්වුනේ 
සසරේ පැතූ පැතුමන් මැකේ 
(මගතොට යලිත් හමුවන්න බෑ 
ඇය අත අරන් වසරක් ගෙවී...//) 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.