ඇතුල් හිතේ හිත පතුලෙමaethul hithee hitha pathulema

Athul Hithe Hitha Pathulema

Lyrics

ඇතුල් හිතේ හිත පතුලෙම 
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන් 
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ 
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම 
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන 
ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න 
පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා 
ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

හරිම තැනින් පටන් ගන්න 
කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි 
සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා.. 
හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.