Lyrics
ඇතුගල පාමුල නිමේෂයක
මා දුටු රුව ඔබ බුදු සමිදේ
කරුණා ගුණයෙන් නැහැවෙන නගරය
පුරා මගේ සිත පියමැන්නේ //
ඇය අතගෙන මා ඇතුගල මුදුනේ
බුදු සමිඳුට සුදු මල් පිදුවේ
ඇය නෑ මා ළඟ මා නෑ ඇය ළඟ
ඇතුගල පාමුල ...
දෙතැනක තනිවී වැඩිහිටි වූ අප
අරුත සොයනවද දුටු සිහිනේ
මහලු වියේ අද දකිනා ඇතුගල
තවමත් තරුණයි එදා වගේ
ඇතුගල පාමුල ...