Lyrics
(අත්තම්මා නිවන් ගිහින්
අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා
එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න
කවි සී පද වාරම්
අත්තම්මගේ තාලයටම
මට තාමත් පාඩම්...//)
හාන මී හරක් එක්කර
කෑම දී හුඟක්
බාන බාන එක්කර ගෙන
හාමු අපි කෙතක්
අත්තම්මගේ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගේ කවි රසයලු
අපි තාමත් රස විඳින්නේ
අත්තම්මා නිවන් ගිහින්....
කොකා වෙලේ හොද්ද ලිපේ
අමු කුඹුරේ පිට්ටු ලිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කැටේ
අත්තම්මාගේ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගේ කවි රසයලු
අපි තාමත් රස විඳින්නේ
අත්තම්මා නිවන් ගිහින්....