Lyrics
නිහඬ වෙලා අපි දෙදෙනා මෙදා
අද අතර මග නැවතිලා
එකඟ වෙලා මුලු ලොවට හොරා
අරඹපු පෙම නතර වෙලා
කුනාටුව ආ නමුත් මහ මුහූද නෑ කැත වීලා
දරාගනු පාලු මන් හිත හයිය මිනිහෙක් වීලා
(කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න)..//
අහන විට ඔබ කෝ අද කියලා
මගෙ යහාලුවන් නිතර
අපි වෙන් වුනා කියා කියන්නද
අහක ගියෙ ඔබ මා අත හැරලා
සතුටක් සොයන්නද
මන් රත්තරන් කුමක් කරන්නද
(කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න)..//
ආයෙ දිනකදි මා මුණගැහිලා
ඉඩ ඉල්ලුවත් ඔබට
මට ඉන්නවා කෙනෙක් කියන්නද
සිහින දිග ඇරලා දිනකදි මා
එය පෙන්නුවොත් ඔබට
ඔය ඇස් හඬාවි පිහ දමන්නද
(කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න)..//
නිහඬ වෙලා අපි දෙදෙනා....