Lyrics
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා
ආත්මයේදී ගිය ආත්මයේදී
නොගෙවාපු ණය නුඹේ මේ භවේ පියෙව්වා
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා
මා පව් ආරෝ ගත්තා
නුඹ පව් පුරෝ ගත්තා
ලංවූ තරම්ම රවටා
නුඹ පව් පුරෝ ගත්තා
අපි ආයේ අනිවාරේ හමුවේවි සංසාරේ
දැවටෙන්නේ නෑ ඒ වාරේ
අද වාගේ නුඹගෙන් මා
නුඹ වෙන්වෙලා ගියත් මට දුකක් නෑ
මා හුදෙකලා උනාටත් දුකක් නෑ
නුඹ කෙනෙකුගේ වේවි නම්
තව නෑ දුකක් ඒ තරම්
විඳවන්න බෑ එය බලන්
කවදාකවත් හිත හදන්
කියාපන් හිත හදන් ඉන්නා හැටි
අපි ආයේ අනිවාරේ....
මතකේ නුඹේ මැකී ගියා දැන් හිතේ
එය ජීවිතේ ඉතිරි පතුමමයි මගේ
නොලැබෙන දෙයක් ලං කරන්
මම විඳෙව්වා ඇති තරම්
යලි ආදරේකට වරම් ලැබුනත් එපා ආයෙනම්
කියාපන් හිත හදන් ඉන්නා හැටි
ආත්මයේදී ගිය ආත්මයේදී....
මා පව් ආරෝ ගත්තා....
අපි ආයේ අනිවාරේ....