ආත්ම ගානක්aathma gaanak

Athma Ganak

Lyrics

ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔය රෑපේ රිදෙනා හිත ආයේ පාරා 
ඔබ රැවටිල්ලක් දෛවෙ කියලා නෑ හිතුනේ  
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ

ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත්
තියේවි ප් ‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්

ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ 
මන් ගැනම වද වෙච්ච ඒ කාලයේ  
නොවෙනස්ව එකසේම ලග උන් මගේ 
අඩු වූයේ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම 
ඇයි දුක නොහිතුනේ මා කෙරේ 

ලබන්නට වාසනාවක් ...........................//

නැතුවාට දැකගන්න ඉස්සර වගේ 
මග බලනවා තාම හුරුවට හිතේ 
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එලිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම 
ඇයි දුක නොහිතුනේ මා කෙරේ 

ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් 
තියේවි ප් ‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.