Lyrics
අතීතයේ එක්ව බැඳී සිටි
මහද දිනූ පෙම් කුමාරියේ
මා පිය හදවත් සැනසීමට ඔබ
මතු දා කුල ගෙට පිවිසෙන්නේ
ගං තෙර හිඳගෙන
දොඩමළු ඌ හැටි
සිහියට එයි නිදි නොමැති රැයේ
ඒ ගඟ දිග නොනැවතී
ගලා යයි
අප හදවත් නැවතිලා ගියේ
ඔබේ මා පියන් සැනසෙන තරමට
රන් කහවනු මට නොමැති කමින්
හද හඬවා ඔබ දුන්නත් දීගෙට
වෛර නොවී කිසිවෙකු සමගින්