ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්නaethini mawuni dharu ladha pasu aethinna

Athini Mawuni Daru Lada Pasu Athinna

Lyrics

ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න
ඇතිනි රැලට කිරි එරුණිද කියන්න
නෙතිනි හඬන ලක් මවුණී
දියණි කොතැනදෝ වැටුණී
පතිනි මවුණි සළඹ උනා පංචායුද දරන්න

ඇය වේමැයි .... අප විද්‍යා
ඇය වේමැයි .... අප සේයා
ඇයයි රිසානා නොඑනා
පතිනි මවුනි පොළොවෙ හැපී
සළඹ හඬින් හඬන්න
යකඩ පිරිමි හද පෑරි ලේකිරි බිඳු එරෙන්න

ඇතිනි මවුණි ....

ඇය වේමැයි .... ඔබෙ අම්මා
ඇය වේමැයි ... ඔබෙ නංගා
දෝණි කිරිසිනා නගනා
පුතුනි ඔබෙ මවු සොයුරිය
කිරිකැටි දුව රකින්න 
තෙදැති ගුණැති පිරිම කමට මල් පූජා කරන්න 

ඇතිනි මවුණි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.