Lyrics
අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමඟින් මෙසේ
මංගල සිලෝ හඩ අභිබවා මට
නුඹේ මෘදු කටහඩ ඇසේ
පියානෙනි..
ඔබේ ඇමතුම් හඬ ඇසේ...
මඟ නොමඟ මේ යැයි කියා
ජීවිතේ අග මුල සොයා
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන තියා
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා..
පන්නරය ලැබ ඔබ වෙතින්
ජීවිතය සැකසුනු බැවින්
පරපුරේ ගෞරවය රැකගෙන
හිදින්නෙමි පතිනිය ලෙසින්
දරු සෙනේ ඇට මිදුලු ගිනි බිද
පවතිනා බව දනිමි මං..
අතිනත අරන් යන විට....