Lyrics
ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා
මාගෙ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාළිගා සෙව්වා...
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී..
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී...
ඇති මාව රැවටුවා..../
නොමැරි මැරෙන තත්පරයත්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා...
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී..
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී
ඇති මාව රැවටුවා..../