ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූaethi dhee aethi saetiyen lowa dhakina minissuu

Athi De Athi Satiyen Lowa Dakina Minissu

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
වසන්ත කුමාර කොබවකwasantha kumaara kobawaka

Lyrics

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ..//
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ..//
ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ..//
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.