අතේ මල් මිටක් නෑathee mal mitak nae

Athe Mal Mitak Na

Lyrics

අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ 
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
සිතින් පව් කළත් මා සමා වී බලන්නේ
ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේ
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ 
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ

ඔබේ නෙතු හැඬුවත් දයාවක් නොදේදෝ
සමාදාන වීමත් මුලාවක් සිතේදෝ
සිඳක් ඉවසුවොත් නම් දුකක්වත් හිතේවී
ඔබයි වරද කරමින් නිදොස් යැයි කීයූවේ
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ 
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ

එදා සිල් ගනිද්දී එකෝමෙක වතාවක්
අනේ නැද්ද මතකේ ඇසූ බණ කතාවක්
තවත් හිත පෙලයි නම් හිතක් හොඳ වුණාමත්
කුසල් කරමු ආයෙත් උපන් මතු භවේටත්

අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ 
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
සිතින් පව් කළත් මා සමා වී බලන්නේ
ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.