අතට වළලු ද පයට ගිගිරි දathata walalu dha payata gigiri dha

Athata Walaluda Payata Gigirida

Lyrics:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

Lyrics

අතට වළලු ද පයට ගිගිරි ද
ලාගනී කිඳුරඟන සොබනා//
වනේ සිඳඹුවො කඩා මල් පෙති
වරල සරසා ගනිති නිතිනා...//

සඳුන් කුංකුම ගතේ තවරා
සුවඳ වේ අබිසාරික'ඟනා//
පියවි සුන්දර රූ සපුව වුව
ලකළ වේලූ සඳ පළඳනා//
සදා ගන රන් සේ දිළෙන්නේ
කදා වළලු යම විකුණන්නේ
නදා දෙන සිත සැම'ඟනන්ගේ
සෙදා ගෙන ඇයි නොපළඳින්නේ//
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.