අතරමංවෙලාatharamanwelaa

Atharamanwela

Music:
ශාන් නලීන්shaan naliin
Lyrics:
ශාන් නලීන්shaan naliin

Lyrics

ඔබෙ ඇස් මා දුටු ඒ මුල්දින 
සිතුවේ නැහැ ඔබ මාගේ බව  
මා හදවත ඉඟියක් කල බව 
මට හැඟුනේ ඔබ නොදුටුව දින 
සැනසෙන්නට ඔබ ලඟ හිඳගෙන 
ආශාවක් මා තුල කොඳුරන 
ජීවිතයේ පැහැය විඳින්නට 
ඔබ ඕනෑ මගෙ ජීවිතයට 

(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ 
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..//

එක දවසක මා ඔබ අත ගෙන 
ඇවිදින්නම් ඔබ ලං කරගෙන 
හැන්දෑවේ තරු වියනක් යට 
පවසන්නම් ඔබ මගේම බව... 

(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ 
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..///
ඉන්නම් සදා..
අතරමංවෙලා..
ඒ ඔබ නිසා.. 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.