Lyrics
(අතමිට ඇති කළ පිරිවර සේනා
ඇත ළඟ පිරිවරලා
තරු මෙන් රැය දිලෙනා
වැරදුණු දවසට කිසිවෙකු ළඟ නැත
යයි අප මඟහැරලා
හිරු දුටු පිණි විලසා...//)
දිවිමග යනදා හමුවෙන සැවොමා
නෑ සිය මිතුරෝ කියා
නැති තැන හිනැහේ ඇති තැන පණ දේ
බස් තෙපලයි සතුරා
නැතිදා යයි හැරදා
නොදනිමි ඒ මිනිසා
අතමිට ඇති කළ පිරිවර සේනා....
ඇති නැති දවසේ ළඟමයි සැමදා
හදවත ඇති මිතුරා
බිතු සිතුවම් සේ නොසැලෙයි කිසි දින
ගුණවත් ඒ මිනිසා
පණ මෙනි දිවිය පුරා
නිවනට යයි මතුදා
අතමිට ඇති කළ පිරිවර සේනා....
අතමිට ඇති කළ පිරිවර සේනා
ඇත ළඟ පිරිවරලා
(තරු මෙන් රැය දිලෙනා
හිරු දුටු පිණි විලසා...//)