ඈත වන්නියේ ගුරුගෙයි පාර අසාaetha wanniyee gurugeyi paara asaa

Atha Wanniye Guru Gei Para Asa

Lyrics

(ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැණුනේ දෝස නසා.....//)

රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්.....

ඈත වන්නියේ.......

හීන් හඳට තරුවක්වත් නැතිවේ නම්
රෑ පුරාම ඇයි අැහැරී සැඟවීයන්
පුර පෝයට මං එනතුරු  ඉවසාපන්
රෑ නඬා නිදි හීනෙට ඉඩදීපන්.....

ඈත වන්නියේ......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.