අත තියල දිවුරන්න (මොහොතකටවත්)atha thiyala dhiwuranna (mohothakatawath)

Atha Thiyala Divuranna (Mohothakatawath)

Lyrics

අත තියල දිවුරන්න මගෙ සොහොනට 
(මොහොතකටවත් ආදරේ කෙරුවද)..//   

මගෙ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද 
මා මතක නැති කරලා ඔබ යනවද 
හිනැහෙන්නෙ අඬවන්න බැරි හින්දද 
එන්නට එපා හොයලා මළ දාකට 
 
(අත තියල දිවුරන්න මගෙ සොහොනට 
මොහොතකටවත් ආදරේ කෙරුවද)..//

(කඳුළැල් දරා ගෙනම වෙන් වෙන්න නම් 
ඇයි ආදරේ කෙරුවෙ මං මේතරම්)..//
වචනෙන් කියා ගන්න බැරි දේ හුඟක් 
හිත අස්සේ තව තියෙනවා මැරෙනකම්

අත තියල දිවුරන්න..//

(හිනැහෙන්න මට නෑනෙ ලැබිලා වරම් 
ඉවසන්න සිදු වේවි මෙය දෛවෙ නම්)..//
සංසාරෙ කෙලවරට යන තෙක්ම මං 
ඔබටම තමයි ආදරේ රත්තරන්

අත තියල දිවුරන්න..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.