ඈත අම්බරේaetha ambaree

Atha Ambare

Music:
දිනුෂ පීරිස්dhinusha piiris
Lyrics:
රොෂේන් ලක්‍ෂිතrosheen lakshitha

Lyrics

සඳ පායනා ඈත අම්බරේ ඔබේ රුව මවාලා
තරු දිලේ රැයේ නෙත මාගේ රවටලා ළඳේ
මා දමා ඔබ වලා අද්දර සැඟවෙන්නෙපා
ළඳේ මාව හැරයන්නෙපා.....

මගේ ළයට ළං වෙන්නකෝ තුරුලට වෙලා ඉන්නකෝ
එලෙසින් ඔයා කී පෙම් කතා කොහේදෝ ළඳේ සැඟවුණේ
ඇයි මාව හඬවා ගියේ නැතිදෝ ළඳේ ආදරේ.....

සඳ පායනා......

හිනැහෙන්න ඔබේ ලෝකයේ සැනසෙන්න මුළු ජීවිතේ
පැතුවේ එයයි මා සැම දිනේ ඔබේ සතුටමයි මා ළඳේ
සිහිවේවි මට ඒ දිනේ අද කඳුළු හිනැහෙයි මගේ......

සඳ පායනා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.