ඈත් වෙලා ඉන්නම්aeth welaa innam

Ath Wela Innam

Music:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

ඈත් වෙලා ඉන්නම් ඔබෙන් මම මං එපා වගෙ නම්
වෙනස් වෙලා බව තේරුනා ඔබ ලඟදි ඉඳලා හුඟක් 
බලෙන් හිඳින්නට බෑ ඔයා ලඟ ඔයා අකමැති නම් 
පතා ඔබට සුභ ප්‍රාර්ථනාවන් මං ඉතින් යන්නම්
මං ඉතින් යන්නම්

මං වගේ නෑ කවුරුවත් ඔබ බලාගන්න 
ඔයා පිං කර නෑ මගේ වෙලා  ලඟ ඉන්න 
වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න 
ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට
අහිමි කරගත්තට

ඇස්වහක් වැදුනාද මන්දා අපේ ලෝකයට 
හොඳින් උන් ඔබ වෛරයෙන් මා නොසලකා යන්නට 
වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න 
ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට
අහිමි කරගත්තට

ඈත් වෙලා ඉන්නම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.