Lyrics
අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
සංසාරේ හමුවී තියේදෝ සුරඟන පරදන රූපේ
දෛවයේ ලියවී තියේදෝ හිමිවන බව මේ වාරේ
දෑස අස්සේ දරාගත් හීන වැල් මා වවාගත්
පණ සේ රකින්නම් දිවිතුරා
අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
නාඳුනනා බවින් මිදිලා දුක් නිව්වා පෙමින් වෙලිලා
ඉහ වහ ගිය ස්නේහ කල්පනා හිත නලවන චාටු බස් හොයා
පියබා ගියාවේ පාවෙලා හෝ හෝ
ඔහොම කියන ආදරේ රටා නෙතු පවසන වාර දිස්වුනා
නොදොඩාම රහසේ ලංවෙලා
ප්‍රේම පාරේ නවාතැන් පෙන්වනා කාරණාවන්
දුරුවේ නුහුරු තැන් වේදනා
අත් අල්ලා ....
තරවටු හොඳනෑලු ආදරේ විනිවිද සිතුවිලි පෑහුනේ
මට මැවුකෙනා ඔබ තමා හා හා
දිලිහෙන තරු වාගේ ඇස් දිගේ මෙපමණ කල් ඇයිද තේරුවේ
නිස්කාරනේ දුක් දරා
ජිදෙනා පෙම් ඉනාවන් කැන්දුවා භාවනාවන්
කවදාක හෝ එක්වෙනා
අත් අල්ලා ....