අසුරු තැනක් වීasuru thaenak wii

Asuru Thanak Vee

Lyrics

අසුරු තැනක් වී කාලය පැන යයි ඔබ මා ළඟ හිඳිනා
කල්ප ගණන් වී තනිකම පමණයි මට ඉතිරිව රැඳිලා

පෙරුමි පුරා මග බලා හිඳින්නම්
හමුවන මොහොතක පැතුම දරා
හමු වූ මොහොත ද රහසේ ගිලිහෙයි
වෙන් වීමක දුක යළිදු සද‍ා

නොහිමි හැඟුම් විඳ දරා හිඳින්නම්
හමුවන මොහොතක දොඩන තුරා
හමු වූ මොහොතද ගොළු වී වියැකෙයි
ළං වීමක දුක යළිදු සදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.