Lyrics
අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
බලන්න ලක්ෂනයි
වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරී
කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
ප් රීති වෙලා ප් රීති වෙලා
ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
නැතේ ම රාජ මංදිරේ..
නොයන්න ආදරී
ප් රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා
ලියාවි සිංහලේ
ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ
උනොත් මගේ ප් රියම්බරී
අසෝක මාලියේ
සාලි කුමරු මම වෙමි ත් රී සිංහලේ
මනාලියේ මනාලියේ