ඇස් කතා කළ පැයේaes kathaa kala paeyee

Askatha kala paye

Lyrics

ඇස් කතා කල පැයේ රහසේ හිත හොරා ලං උනේ
උමුතුවෙන් මෙන් හදේ පෙම් හැඟුම් බෝ කලේ 
සෙනෙහසේ රැඳී සුවේ පපුවට මහමෙරක් වගේ දැනේ 
තරු දෙනෙත් ලං වෙලා මේ හිතින් ඇල්ලුවේ 
	
නැතුව බෑ මට ඔයා සෙනේහේ ගොඩගලනවා 
මට දුරින් ඉන්න බෑ ඔබව නැතුව ඇස් ඔයා හොයනවා 
රෑට සිහිනෙන් පවා රුව මැවී පේනවා
ඔබේ සෙනේ ගන්න මා වින්ද ගින්න මතකයේ තියෙනවා

මේ පාලු හිත් තීරේ කඳුලින් වෑහෙනා
සංකාවත් වියැකිලා ඔබ හින්දා හිනැහිලා
පැතු දෑතේ වෙලිලා මා දුර ඈතට පියඹලා
ඔබ මා හට හිමිවෙලා ආදරෙයි

නැතුව බෑ මට .......

ඔබ මගේ වී මෙදා ආදරෙන් ලං වෙලා 
ජීවිතේ අරුත මට කියා දුන්න ආදරී මගේ ඔයා
උනුහුමේ තනි වෙලා වේදනා කැටි කළා 
මගේ වෙලා ඉන්න හැම සසරකදිම ආදරී මගේ ඔයා 

නැතුව බෑ මට .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.