Lyrics
(ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි
හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි
විනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි
දිනෙන් හෙටත් රැක ගනු මැයි සමනොළ මහ සෑයයි)...//
කෙලෙස් කසල මල බැහැර කරන්නයි
විසල් කුසල් දම් රැස් කරගන්නයි
කරුණාවෙන් කරුණා කරගන්නයි
කසල හලා බිම නොම කෙලෙසන්නයි
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර
තබා යන්නෙපා මහ සෑ බිම නිසරු කර
වනා හිතින් පේවී සම්බුදු සිරි පාමුල
වැටී වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොළ
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
බදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ
වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ
ලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේ
නොයන් කිළිටි කර පින්බිම මේ සිරිපා වාරේ
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..