ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවාaesi piya gasana haema thaenama oba innawaa

ඔබ එක්ක - Asi Piya Gasana - Oba Ekka

Lyrics

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හින හිත දවනවා
මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා...
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා...
හිත දවනවා නෙත ඉකිබිදිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා...

නෑ සුදු සේල මුතු මාල කුමරි මගේ
නිල් නෙතු දෑල හැමදාම අහිමි ඔබේ
මගේ මනමාල හිත තාම නුහුරූයි වගේ
බැමි බිඳ දා ඔබ ගාව සැතපෙනු කෙසේ
සිත රිදෙනවා ..සිත ඉකිගසනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා 

ඔබ දුර ඈත සිතිඡයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ
මතු යම් දිනෙක ඔබ නෙන බව මට හැඟේ
මියයනු තුරුම  තනියෙන්ම වාවනු කෙසේ
ගතු කියනවා හිත ඉකිබිදිනවා අද 
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.