Lyrics
ආශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං
(ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගෙන මාගෙන්...//)
(ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි...//)
හේතු නැති තැන හේතු හදලා යන්නේ ඇයි ඔබ මා දමා
හොඳ වුණා මං වැඩිද මන්දා ඔබට ගැති වීලා
මගෙ පහන වෙලා මගෙ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ
(සමු දීලා යන්න නොවෙයි...//)
ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි
පුදුමයක්මයි වැරදි කෙරුවත් ඔයාවයි මට ඕනේ
දුකක් නොලැබී ඔයා සතුටින් ඉන්නටයි ඕනේ
ඉපදෙන්න ඔයා මට අයිති වෙලා තව ආත්මෙකදි සසරේ
(වෙන නෑ මුකුත් ඕනේ...//)
ආශිර්වාදය දෙන්නම්....