ආශිර්වාද සොයා අවසන් දිනය නිසාaashirwaadha soyaa awasan dhinaya nisaa

Ashirwada Soya Awasan Dinaya

Lyrics

ආශිර්වාද සොයා අවසන් දිනය නිසා
කලබල අතරේ ඔබ මා ලග නතර වෙලා
මුන නොගසේදෝ යලිකිසිදා
ආදරෙ සගවා යන්නට දෙන්නම්
දහස් දෙනා මුන ගැසුනේ පංතියේ එදා
ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා
ආශිර්වාද සොයා........

පාසල් සුරන්ගනාවිය මගෙ හිතේ පුරා
අලංකාර හීන අරං ලංවුනි මටත් හොරා
ආදරේ හිතේ එදා යටපත් කලා ඔයා
මාත් එක්ක තරහාවෙලා නවතී සිතූනිසා
මුන නොගසේදෝ යලි කිසිදා
ආදරෙ සගවා යන්නට දෙන්නම්

දහස් දෙනා මුන ගැසුනේ.....//

දෑසින් දුරක් ගියා අන්තිම මොහොත නිසා
මටත් වඩා ඔබේ හිතේ දුක පිරිලාද හඩා
ආදරේ කියා ගන්න බැරිකම හිතේ දරා
අහිංසකාවියට මගේ සමුදෙන්නටම වෙලා
මුනනොගසේදෝ යලි කිසිදා
ආදරෙ සගවා යන්නට දෙන්නම්

දහස් දෙනා මුන ගැසුනේ පංතියේ එදා
ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා//

ආශිර්වාද සොයා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.