ආශීර්වාද දී (අම්මා)aashiirwaadha dhii (ammaa)

Ashirwada Di (Amma)

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
කුෂාන් මනින්ද්‍රkushaan manindhra

Lyrics

ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ දෙයි 
මගෙ ජීවිතයේ හිමිකාරිය අම්මා 
ඔබෙ ලේ මා කෙරේ කොහොමද කිරි කලේ 
එතරම් ආදරයක් කොහෙන්ද අම්මා 
පරදීවි මහා සාගරේ 
හමුවේදි ඔබෙ ආදරේ 
(ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා  
ඉපදෙන්න පිං කරමි මා...//)       

රූපේ පවා මට දීලා ඔබෙ ගත වැහැරී ගියා 
ඔබගේ දෙපා වෙහෙස වෙලා ඉදිමෙන්නැති මා නිසා 
කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං 
මට ලෝකේ දෙවියන් එපා 
වැන්දාම ඔබගේ දෙපා   
(ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා  
ඉපදෙන්න පිං කරමි මා...//)       

මා දිනවා සතුට බලා ඔබ පැරදී හිනැහුනා 
මහා අවුවේ ඔබ දැවුනා මා හෙවනැල්ලේ තියා 
කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං 
මට ලෝකේ දෙවියන් එපා 
වැන්දාම ඔබගේ දෙපා   

ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.