ආශාවෝaashaawoo

Ashawo

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ආදරේ අනාදරේ මේ අවකාශේ 
මාලිගා බිඳී ගියා රෑ රතු අහසේ 
රතී රසේ මුලා වෙලා මෙමා රහසේ
රසෝගයේ හඹා ගියා
සොයා පහසේ

ආශාවෝ තණ්හා මානේ 
කන්‍යාවෝ මැවුනා හීනේ 
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විඳී මා ප්‍රේමයේ

රෑ පුරා මනෝ ලොවේ මා සංචාරේ 
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රඟා මැවූ සිහිනේ 
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ…

ආශාවෝ තණ්හා මානේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.