අාශාවේ මල්aashaawee mal

Ashawe Mal

Lyrics

අාශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු ඔබ මගේ කළු
නයන කළු ඔබ මගේ කළු..

රෑ නිල් අහසේ නිදන සඳවතී..
රෑ නිල් අහසේ නිදන සඳවතී..
අඳින සළු.. මිදුලෙ එලූ..
අඳින සළු.. මිදුලෙ එලූ..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

අාශාවේ මල්...

පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

ආශාවේ මල්...//
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.