ආශා මල් පීදී නිල් දෑසේaashaa mal piidhii nil dhaesee

Asha Mal Pidi Nil Dase

Lyrics

ආශා මල් පීදී නිල් දෑසේ
කීවේ මට කීවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමි වේ දෝ
සිහිනේ .... විලසේ .... මැකිලා .... යා දෝ //

පින්නෙ පිපුණු මල වගේ
කන්දෙ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී තියේ වී
වෙන්ව නොයිද ළං වෙලා
දෙන්න සහන සලසලා
ඔබ නිසා සිත හඬා වැටේ දෝ
පැතු සිහිනේ .... ඉටු වේ දෝ ....

ආශා මල් පීදී ....

සසරෙ පුරුදු ගති ලෙසේ
භවෙන් භවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියා දෝ
කඳුල ඔබ ද මගෙ නෙතේ
සතුට ඔබ ද මගෙ සිතේ
අහිමිදෝ මට ඔබේ සනේහේ
යළි කවදා .... හමු වේ දෝ ....

ආශා මල් පීදී ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.