Lyrics
ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් වනේ
ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
සියපතක් මත විසුල පිණිකැට
සැඬ සුළං වැද සරසරින් වෙද
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
නුඹේ වත මට නැඟේ සිහියට
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී බමනයුරු දැක
ඔබේ ලවනත නැඟුණු මීවිත
මත්කළා මතකයි මගේ සිත