ආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා)aasayi pawasanna (aadhara pitapathak liwwaa)

Asai Pawasanna (Adara Pitapathak Liuwa)

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව 
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව 
ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව 
අවසානය වෙනස් වුනා ඒක අපේ වෙලාව 

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න 
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න 
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට 
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න

මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා 
තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා 
යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා 
අයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා 

ආසයි පවසන්න....

නම් දෙක ලියලා තැන් තැන් වල අපි අපේ වෙන්න පතලා 
හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුනා 
තනිකම ජීවිතයට ලංවී දැන් එයටම පුරුදු වෙලා 
නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා

ආදර පිටපතක් ලිව්වා....
ආසයි පවසන්න....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.