Lyrics
ආදර පිටපතක් ලියුවා
ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා
ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා
ඒක ලොවේ සොබාව
අවසානයේ වෙනස් කලා
ඒක අපේ වෙලාව
ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප් රේමයට
පන එන්න
සත්තයි මතු බවය
වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප් රේමයට
පන එන්න
මල් පෙති වාගේ
සිනිදු දෑත මම
තදකර ගෙන අල්ලා
තොල් පෙති ගාවා
කන් පෙත්තේ ඔබ කොදුර
කොදුර උන්නා
ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප් රේමයට
පන එන්න
නම් දෙක ලියලා තැන් තැන්වල
අපි අපේ වෙන්න පතලා