Lyrics
(ආසයි දැකගන්න ඇවිදින් හමුවන්න
ඇරයුම පිළිගන්න හිත හදලා යන්න......//)
ආසයි දැකගන්න......
සයුරු තෙරේ මා තනිවීලා
පාළුව දරා ඉමි
ක්ෂිතිජ ඉමේ දුක සඟවාලා
ඔබේ රුව මවා ගමි.....
ආසයි දැකගන්න......
ආදර හසුනක් එවනවද
යළි හමුවනා තුරා
ආදර හිත සනසවනවද
සෙනෙහස ලියා තියා......
ආසයි දැකගන්න.....