අසාධාරණ මාළුවාasaadhhaarana maaluwaa

Asadarana Maluwa

Music:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

අසාධාරණ මාළුවා
දාන බිජුවට ඔක්කෝම කනවා
බිලී පිත්තට ඇමක් අමුණා
දාපු දවසට කුමක් වන්නේ...

ගිනි නැතිව කුස කටම පුරවන්නේ
එක තැනම පිහිනා ගොදුරටම එන්නේ
දුටුවෝතින් ළමයෙක් නුඹගේ ඒ වරුණේ
නිදසුනට ගති දා කුමක් සිදු වන්නේ...

අන් මසුන් පෙරලා වක්කඩේ ඉන්නේ
ලොකු කටම ඇරලා උඩ බලන් ඉන්නේ
ඇලේ රජකම තනිව නුඹ ගන්නේ
නිදසුනට ගත් දා රටක් වැනසෙන්නේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.