ඇස රැදුන රැදුන තැන්වල aesa raedhuna raedhuna thaenwala

Asa Radunu Randunu Thanwala

Lyrics

ඇස රැදුන රැදුන තැන්වල 
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට 
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//

ඇස රැදුන රැදුන ..// 

රෑ කවුද හෙමින් එලබී 
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී 
පහකැයි කියා ගියා ..//

ඇස රැදුන රැදුන ..//

වැසු විමන් පියන් පියවා 
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන 
විමසන්නේ යටි හිතයි ..//

ඇස රැදුන රැදුන ..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.