ඇස ගැටෙනා දස දහසක් නෙතු මතaesa gaetenaa dhasa dhahasak nethu matha

Asa Getena Dasa

Lyrics

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම් ‍…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම් ‍…
ඔබ නොදනී මුලු ලොවම දනී ‍…

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම් ‍…
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.