ඇස ගැටෙනා හැම තැනමaesa gaetenaa haema thaenama

Asa Gatena Hamathana

Lyrics

ඇස ගැටෙනා හැම තැනම
කොහේහෝ හිනැහී ඉන්නවා
ඇස පියනා හැමවිටම
හීනෙනුත් නුඹ ළඟ ඉන්නවා

දහවල් පුරා මෙහෙම ඇවිදින්
හීනෙන් වගේ පාරේ ඇවිදින්
දවසම ගෙවී රෑට ඇවිදින්
හීනෙන් හිදී ළඟට ඇවිදින්

නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ..

මේ වාගේ කවදාවත්
ළඟ ඉන්න බැරි බවත් දන්නවා
නුඹ මාගේ ළඟ ඉන්න
හීනෙන්ම දවසක් ගෙවෙනවා

කාලේ ගෙවී සවස ඇවිදින්
ඇහැරෙන්න වී දිනෙක හීනෙන්
නුඹ පෙන්වූ ඇස් කඳුළු ඇවිදින්
පිය වෙන්න වෙන දවස ඇවිදින්

නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.